විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රධාන ජල නළ මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරීම හේතුවෙන් අද (29) දින පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජාල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දී තිබේ
ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ උඩුගම, පළාපත්වල, දොස්තරවත්ත, දුංකළවත්ත, මකුලුගහරූපප, සාප්පුවත්ත, සමන්දාව, කිරිගල්පොත්ත, නිකවල B සහ C කොටස, මාතලේ මහා නගර සභා සිමාව, A – 9 මාර්ගය, තැන්න, උඩුපිහිල්ල, අලුවිහාරය, කලුදෑවල, කොටුවේගෙදර, කුඹියන්ගොඩ, මණ්දණ්ඩාවල, රත්තොට පාර, අගලවත්ත, පාරාවත්ත, කිවුල හා විහාරපාර වේ.
මේ හේතුවෙන් පරිභෝහිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටු වන බවත්, මෙම කාලය අතරතුර ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති