අද (12) පෙරවරු 08 සිට පස්වරු 05 දක්වා පැය 08 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මාලිම්බඩ ජල පිරිපහදුවේ සිට දියගඟ ජල තටාකය වෙත ජලය පොම්ප කරන නල මාර්ගයෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව දියගඟ, කැකණදුර, වෙහෙරහේන, ගන්දර, කෝට්ටගොඩ, කුඩාවැල්ල, දික්වැල්ල සහ රත්මලේ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්