කළුතර ප්‍රදේශ කිහිපයකට ලබන 07 වැනිදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අඵතුගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් පහත සදහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව බේරුවල, අළුත්ගම, දර්ගා නගරය, බෙන්තර, කළුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල, මග්ගොන යන ප්‍රදේශවලට ලබන 7වනදා පෙරවරු 8.00 සිට පසුදින (08) අළුයම 2.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයමු අත්හිටවනු ඇති.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්