පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන වෙරළට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාළගුණ විද්‍යා දෙපර්තමේන්තුව ධීවරයන්ට දැනුම් දෙනවා.
නිරිත දිග ඛෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති නිවාර් චන්ඩ සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. මේ හේතුවෙන් ඉදිරි පැය 12 තුළදී දිවයිනේ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹූරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
තවද සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර 60 සිට 70 දක්වා පමණ ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ විිටින් විිට රලු විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්