ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි

ප්‍රදේශ රැසකට අද (24) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

උතුරුමැද පළාතේ මද වැසි ඇතිවන බව ද ඔහු කීවේය.

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ,උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 60 පමණ වේගවත් සුළං ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

(ඩයනා උදයංගනී) ප්‍රදේශ රැසකට අද (24) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. උතුරුමැද පළාතේ මද වැසි ඇතිවන බව ද ඔහු කීවේය.

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ,උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 60 පමණ වේගවත් සුළං ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com