මීටියාගොඩ පොලිස් වසමේ සිදුකළ විශේෂ මෙහෙයුම් 3කදී හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 3ක් ග්‍රෑම් 5ක් සහ ග්‍රෑම් 4ක් ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් බවය.
වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ද ඊයේ සිදුකෙරුණු මෙහෙයුමකදී ගංජා කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාඇළ ප්‍රදේශයේදී ද ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැණුනි.
කේරළ ගංජා ග්‍රෑම් 900ක් සමග ගල්කිස්ස ප්‍රදේශයේදී ද ඊයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොරවැව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 40ක් සමග 38 හැවිරිදි සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබුණි.
මොරටුමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍යවලට අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
- Derana news
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්