අද (02) මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීම හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අවසන් ජනහමු සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අවසන් ජනහමු අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අද(02) දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන, ඩීන්ස් පාරේ දී පැවැත්වීමට නියමිතය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් ජනහමුව කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී පැවැත්විමට සූදානම් කර තිබේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අවසන් ජනහමුව ද අද (02) පස්වරුවේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්