ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු මේ වන විට විදෙස්ගතව සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉන් 19 දෙනෙකු සඳහා ජාත්‍යන්තර රතු නිවේදන මේ වන විටත් නිකුත් කර ඇති බවයි.
විදේශගතව ඇති බව කියන ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු පිළිබඳ තොරතුරු සොයා බැලීමේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඔවුන් රැදී සිටින රටවල්, රටින් පිට වූ ආකාරය, රැකවරණ සළසන පුද්ගලයින් ආදි ලෙස මේ වන විටත් කරුණු රැස්කරමින් සිටින බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.
ඒ අනුව ජාත්‍යන්තර පොලීසියේද සහය ලබාගනිමින් අදාළ පුද්ගලයින්ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත්, අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්