වසර 30 කුරිරු යුද්ධයෙන් මෙරට ජීවිත රැසක් විනාශ කළ කොටි නායක ප්‍රභාකරන්ගේ චරිතය කේන්ද්‍ර කරගනිමින් ‘සිරුම් පුලි’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සූදානම් වේ.ප්‍රභාකරන් යනු වීරවරයෙක් බව පෙන්වමින් මෙය නිර්මාණය වන බවයි ඉන්දීය වාර්තා සදහන් කරන්නේ.මෙහි ප්‍රභාකරන්ගේ චරිතය වෙනුවෙන් සම්මානලාභී නලුවකු වන බොබී සිම්හා රංගනයෙන් දායක වේ
රාගින් ටයිගර් (raging tiger) හෙවත් කෝපාවිශ්ට කොටියා ලෙස නම් වූ මෙය වෙන්කේෂ් කුමාර්ගේ නිර්මාණයකි.
ඔහුගේ පළමු චිත්‍රපටය වන නීලම් චිත්‍රපටය ද ඉන්දියාවේ මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලය විසින් තහනම් කරන ලදී. මෙම චිත්‍රපටයට හරහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවයන්ට බලපෑම් ඇති කෙරෙන බව විදෙස් මාධ්‍ය ද වාර්තා කර ඇත.
කොටස් දෙකකින් නිර්මාණය කිරීමට නියමිත මෙම චිත්‍රපටය මගින් කොටි නායක ප්‍රභාකරන් වීරයකු සේ පෙන්වීමට උත්සහා ගන්නා බව ද වාර්තා වේ.කුරිරු ත්‍රස්තවාදය වපුරමින් මෙරට නිදහස මෙන්ම ජීවිත රැසක් උදුරා ගත් මිලේච්ඡ ත්‍රස්තවාදී නායකයකු වූ ප්‍රභාකරන් වෙනුවෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය සදහා ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ප්‍රබල විරෝධතාවයක් මතු වෙමින් පවතී.
-ධීරේ-
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය