සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 76 වන රාජ්‍ය නායක සමුළුව අමතමින් සඳහන් කළා.
එසේම ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත්, ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම තම රජයේ දැඩි අරමුණ බවද ජනාධිපති එහිදී සඳහන් කළා.
එම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධවීමට සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්