නිරෝධායන නීති උල්ලංඝනය කළැයි චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ප්‍රවීන රංගන ශිල්පී විල්සන් කරූ මහතා රුපියල් 5000ක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
අදාළ නඩුව එළඹෙන පෙරවාරි 16 වැනිදා යළි කැඳවීමට නියමිතය.
මුඛ ආවරණ නොපැලඳ මහාමාර්ගයට පැමිණීමෙන් නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රවීන රංගන ශිල්පී විල්සන් කරූ මහතා අද කිරුලපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව