සිනමා සහ ටෙලිනාට්‍ය නිළි විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (23) මියගොස් ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මියයන විට ඇය 64 වන වියේ පසුවිය.
1982 වසරේ සිනමා දිවියට පිවිසි විශාඛා සිරිවර්ධන මහත්මිය මෙරට උසම සිනමා නිළිය ලෙසද හඳුන්වයි.
අනුරාධා, සුරදූතියෝ, රන්දම්වැල්, සඳමඩල ආදී චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වී තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ