ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.
එල්.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ඔහු ඇතුළු ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් හිමිකරුවන් විසින් තෝරා ගෙන නොතිබුණි.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවීන් ඇතුළුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් සියලු කණ්ඩායම් වෙත යොමු කර, ඉන් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීමට සියලු කණ්ඩායම් වෙත අනිවාර්ය කර ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 5 වනදා ආරම්භවීමට නියමිතයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි