ප්‍රහාරයක් එල්ල වන බව ස`දහන් විදෙස් තොරතුර අඩංගු ලිපිය තමන් පළමු වරට දුටුවේ පාස්කු ප්‍රහාරය පිළිබ`ද සොයා බලන ජනාධිපති කොමසමේ දී බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (25) පැවසීය. හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබ`ද ස`දහන් කර සිටියේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ දිල්ෂාන් ජයසූරිය මහතා ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. නීතිඥ ජයසූරිය මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු විදෙස් බුද්ධි තොරතුර අඩංගු ලිපිය ඔබ මුලින්ම දැක්කේ කවදා ද?
හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා
එම ලිපිය මුලින්ම දැක්කේ මෙම කොමිෂන් සභාවේ දී. තොරතුර දැන ගත්තේ 2019 අපේ‍්‍රල් 22
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
නිලන්ත ජයවර්ධන එම තොරතුර ලැබුණු විගස ඔබව දැනුවත් කළ යුතුව තිබුණු බව ඔබ සිතනවා ද?
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
නිලන්ත ජයවර්ධන පමණක් නොවෙයි අනික් අයත් දැනුම් දෙන්න ඕනි.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
ඒ ස`දහා පරම යුතුකම තිබෙන්නේ නිලන්ත ජයවර්ධන මහතාට නේ ද?
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
පරම යුතුකම තිබෙන්නේ නම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පූජිත ජයසුන්දර මහතාට. අනෙක් අයත් කළ යුතුයි. නමුත් කළේ නැහැනේ.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
ඔබ කවුරුන් හෝ නිලධාරියෙකු ආරක්ෂා කරනවා ද?
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
නෑ. නෑ. මම එහෙම කරන්නේ නැහැ.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
නිලන්ත ජයවර්ධන මහතාට තොරතුරු ලැබිල තිබෙන්නේ අපේ‍්‍රල් 04 වන දා. නමුත් එම තොරතුර හේමසිරි ප්‍රනාන්දු මහතාට ලබා දීලා තිබෙන්නේ අපේ‍්‍රල් 09. නිලන්ත ජයවර්ධන මහතාට වගකීමක් තිබුණා නේද එම තොරතුර ලැබුණු විගස ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුඵ පිරිස දැනුවත් කිරීමට?
හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා,
ඔව් එහෙම කළ යුතුයි.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
ඔබ මලල්ගොඩ පරීක්ෂණ කමිටුව පත් කළ අවස්ථාවේදී එහි වාර්තාව ප්‍රසිද්ධ කරන බවත් වරදකරුවන්ට ද`ඩුවම් දෙන බවත් ස`දහන් කළා නේ ද?
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
කමිටුව නම් පත් කළා. නමුත් එහෙම කිව්වද කියලා මතක නැහැ.
නීතීඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
ඔබ කව්ව විදිහට එම වාර්තාව ප්‍රසිද්ධ කළේ නැහැ නේද?
හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා,
එම වාර්තාව එළිදක්වන්න එපා කියලා නීතිපතිතුමා උපදෙස් දුන්නා. එහෙම කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වලට යම් බලපෑමක් වේවි කියලා. එම හේතුව නිසා තමයි එම කමිටු වාර්තාව ජනතාවට ඉදිරිපත් නොකළේ.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
එම වාර්තාවෙන් කවුද වැරදිකරුවන් කරලා තිබුණේ.
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
කවුරු වැරදිකරුවන් කරලා තිබුණා ද කියන එක මට මතක නැහැ.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
ඔබ එම කමිටු වාර්තාව ප්‍රසිද්ධ නොකළේ එම වාර්තාවෙන් වැරදිකරුවන් ලෙස නම් කර තිබූ අය ආරක්ෂා කිරීම ස`දහා නේ ද?
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
ඔබ නිලන්ත ජයවර්ධන ආරක්ෂා කරන්නේ අපේ‍්‍රල්
21 ට පෙර ඔහු විසින් ප්‍රහාරයක් එල්ල වන බවට ඔබව දැනුවත් කර තිබූ නිසා නේද?
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා,
එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්. එම නිසා එය ප්‍රතික්ෂේප කරනවා.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
ප්‍රහාරය එල්ල වන විට ඔබ මේ රටේ විධායක ජනාධිපති ආරක්ෂක ඇමැති මෙන්ම සේනාධිනායකයා. නමුත් ඒ සම්බන්ධයෙන් ඔබේ කිසිම වරදක් වගකීමක් නැති බව ද ඔබ කියන්නේ.
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා
ඔව්ෟ එහෙම තමයි ස්වාමීනි.
නීතීඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
ඔබ වසර පහක කාලයක් ආරක්ෂක ඇමැති. නමුත් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ධුරය හෙබවූයේ මාස 5 ක් පමණයි. එම නිසා ඔහුට පමණක් වරද පැටවීම සාධාරණ නැහැ නේ ද?
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
මම එය පිළිගන්නවා. ඒක සාධාරණ නැහැ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්