එංගලන්ත පළමුපෙල ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 01 දා සිට ආරම්භ කරණ බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සදහන් කරනවා.
ප්‍රාන්ත ක්‍රිඩා සමාජ 18 සහභාගිවන මෙමෙ තරගාවලියෙ පිරිම තරග ආකෘතිය සිදුවන්නෙ කෙසෙදැයි ජුලි මාසයෙ මුලදි තීරණය කෙරෙනු ඇත. ප්‍රාන්ත තරගාවලිය ආරම්භවිම තිබුනෙ අප්‍රේල් 12 වෙනිදාය. මෙම වසරෙදි එංගලන්ත ආරම්භ කිරිමට සැලසුම් කල,කණ්ඩායම් අටක් සහභාගි වන පන්දු 100 (100-ball) තරගාවලිය 2021 වසර දක්වා කල් දමන ලදි.
මෙම වසරෙදි සිව්දින ක්‍රිකට් තරගාවලි දෙකක් සහ T20 තරගාවලියක් පැවැත්විම ගැන දැනට සලකාබලමින් සිටියි. කොරොනා වෛරසය නිසා මේ වසරේ මේ දක්වා එක්සත් රාජධානියේ කිසිදු ක්‍රිකට් තරගයක් නොතිබුණද, එංගලන්තය – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගමාලාව ජුලි 08 වනදා ආරම්භ විමට නියමිතය.
චානක අරවින්ද
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්