ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගැනීමත් සමඟ වසා දැමූ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ කටයුතු කළ පුද්ගලයන් 30 දෙනකු අද (26) පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
ඉන්දියාවට එරෙහිව හෙට (27) පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයට මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ තීරණය පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව තීරණය කරන බවත් එහි කටයුතු කළ 30 දෙනකු පමණ මේ වන විට ස්වයං නිරෝධානයට ලක්කර ඇති බවත් එම නිලධාරියා පැවසීය.
ඉන්දියාවට එරෙහිව ඊයේ (25) පැවැති පළමු විස්සයි 20 තරග වාර්තා කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් සූදානම් කර තිබූ මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවකයකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගැනීම නිසා මාධ්‍ය මධ්‍යස්ථානය වාහාම වසා දැමීමට පියවර ගත්තේය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්