ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (20) සමත් වුණා.
තරගයේ අවසන් දිනය වූ අද දිනය සදහා තරගය ආරම්භ කරන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටි අතර, අද දිනයේදී ඔවුන් කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. එහිදී ධනංජය ද සිල්වා ලකුණු 122 ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 ක් ලබා ගත්තා.
පිළිතුරු ලෙස පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 461 ක් ලබා ගත් අතර පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක් දවා ගත්තා.
පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 279 ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 131 ක්.
ඔවුන් කඩුලු 6 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ලකුණු පුවරුව පහතින්.








More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි