ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 279 ක් රැස් කර ගත්තා.
පන්දුවට පහරදීමේදී ධනංජය ද සිල්වා ලකුණු 82 ක්, නිෂාන් මදුෂංක ලකුණු 52 ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 42 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් හා නායක දිමුත් කරුණාරත්න ලකුණු 20 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Abrar Ahmed හා Noman Ali කඩුලු 3 බැගින් හා Shaheen Shah Afridi හා Agha Salman කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 461 ක් රැස් කළ අතර ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 131 ක් ලබාගත යුතු වනවා.
ලකුණු පුවරුව පහතින්.


More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්