සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ලකුණු 52ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කෙරීමට සිදු වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි එංගලන්තය පන්දුවාර 45.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 41ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 195ක් පමණයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි