එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය බාබර් අසාම්ට හිමිව ඇති අතර ශදාබ් ඛාන් උප නායකයා ලෙස කටයුතු කරනවා.
මේ අතර පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල මිස්බා උල් හක් සහ පන්දු යැවීමේ පුහුණුකරු වකා යුනිස් සිය තනතුරු වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ පෞද්ගලික හේතු ඉදිරිපත් කරමින් ඔවුන් ඉල්ලා අස් වී ඇති බවයි.
කෙසේ වෙතත් එළඹෙන නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ශක්ලේන් මුෂ්තාක් ප්‍රධාන පුහුණුකරු ලෙස සහ අබ්දුල් රසාක් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස තාවකාලික පදනම යටතේ පත් කර තිබෙනවා.
පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ ලෝක කුසලානය සදහා වන පුහුණුකරුවන් කඩිනමින් පත්කිරීමට බලාපොරොත්තු වන බවයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි