තවත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz, Imran Khan යන ක්‍රීඩකයන් හටයි.
මීට පෙර ෂඩාබ් ඛාන්, හරිස් රවුෆ් සහ හයිදර් අලි යන ක්‍රීඩකයින් තිදෙනාට සහ කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාට ද වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
මෙලෙස ක්‍රීඩකයින්ට වෛසරය ආසාදනය වී ඇත්තේ, ලබන අගෝස්තු මාසයේ එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලියට සහභාගී වීම සඳහා පකිස්ථාන කණ්ඩායම එළෙඹෙන ඉරිදා එංගලන්තය බලා පිටත්ව යාමට සූදානමින් පසුවන වටපිටාවකදී වීම විශේෂත්වයකි.
මෙලෙස ක්‍රීඩකයින්ට වෛරසය ආසාදනය වුව ද සැලසුම් කළ පරිදි එංගලන්ත තරගය සංචාරයට සහභාගී වන බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් කාන් පවසා තිබේ.
පාකිස්ථානය තුළ මේ වනවිට කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ආසාදිතයින් 185,034 වාර්තා වන අතර එරෙටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,695කි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්