පාකිස්ථානයේ ගංවතුර ආපදා වෙනුවෙන්, චීන සහනාධාර යළි ප්‍රදානය කෙරේ.
එම උත්සවය, චීන විදේශීය මිත්‍රත්ව සංගමයේ ප්‍රමුඛත්වයෙන් පසුගියදා බෙයිජිං නුවර දී පැවැත්විණ.
චීන විදේශීය මිත්‍රත්ව සංගමයේ සභාපති Lin Songtian මහතා එහිදී පෙන්වා දුන්නේ, පාකිස්ථානයේ ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාව, තම රජයේ ශක්තිමත් නායකත්වය යටතේ, නිසැකවම ව්‍යසනය ජයගෙන හැකි ඉක්මණින් සිය ගම්බිම් නැවත ගොඩනඟා ගනු ඇති බවයි.
මේ අවස්ථාවට එක් වූ චීනයේ පාකිස්ථාන තානාපති Moin Ul Haque මහතා චීනය පිරිනැමූ සහානාධාර සම්බන්ධයෙන් අවංක කෘතඥතාව පළ කළේය.
පසුගිය ජූනි මාසයේ මැද සිට, ප්‍රබල මෝසම් වර්ෂා බලපෑම් හේතුවෙන්, පාකිස්ථානයේ බොහෝ ප්‍රදේශවල දරුණු ගංවතුර විපත් ඇතිවිය. අගෝස්තු මාසයේ අග දක්වා හටගත් එවන් ආපදාවලින්, එරට මිලියන 33.04 කට අධික ජනතාවක් පීඩාවට පත්වූ බව වාර්තාවල දැක්වේ.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්