පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්වි පාර්ශවික හමුව ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශවික හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
අනතුරුව කොළඹ දී පැවැත්වෙන වෙළඳ හා ආයෝජන සමුලුවකට එක්වන ඉම්රාන් ඛාන් මහතා පසුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පිරිසක්ද හමුවීමට නියමිතයි.
අනතුරුව කථානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිරිනමන දිවා භෝජන සංග්‍රහයකටද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි.
සිය ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනු ඇති.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි