පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා.
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරිමට නියමිතව තිබෙන අවස්ථාවේදී ඔවුන් මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.
හෙයිඩර් අලී, හරිස් රාවුෆ් සහ ෂබාබ් ඛාන් හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු ඇත්තේ රාවල්පිණ්ඩි හිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදීය.
මෙම ක්‍රීඩකයින් තිදෙනාට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නොමැති බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරින් වන වකාර් යුනිස්, ෂොයිබ් මලික් සහ ක්ලිෆ් ඩිකෝන් ද කොරෝනා වෛද්‍ය පරීක්ෂණයට ලක් කොට ඇත. ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා හෙට දිනයේදී ලැබීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි