ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරඟාවලියක් සඳහා පාකිස්ථානයේ සංචාරයක නිරත වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
දෙරටේ ක්‍රිකට් බලධාරීන් අතර අදාළ සාකච්ඡා පැවැත්වෙන අතර තරඟාවලිය එක්දින තරඟ 3කින් සමන්විත වන බව සඳහන්ය.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමට පෙර කණ්ඩායම් දෙකටම අවශ්‍ය වන තරඟාවලියක් ලෙස එය පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවලදී අවධානය යොමුව තිබේ.
තරඟාවලිය සඳහා පාකිස්ථාන බලධාරීන්ගෙන් අවසර හිමිවුවහොත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මාස 18කට පසුව මුහුණ දෙන පළමු එක්දින තරඟ සංචාරය මෙය වන බව වාර්තා වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි