පාකිස්ථාන පිතිකරු ආසාම් ඛාන් හදිසි අනතුරකට ලක්ව තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් හි තරඟ සංචාරයක නිරත වන පාකිස්ථාන කණ්ඩායමේ පුහුණු සැසියක් අතරවාරයේ දි අසාම් ඛාන්ගේ හිසට ක්‍රිකට් පන්දුව වැදී ඇති බව වාර්තා වේ.
ඔහු වහාම ගයානා හි රෝහලකට ඇතුළත් කර තිබේ.
22 හැවිරිදි අසාම් ඛාන් කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන සහ තුන්වන 20-20 තරඟ දෙකෙන් ඉවත් කිරීමට සිදුවු බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පැවසුවේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි