පානදුර – පල්ලිමුල්ල ප්රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදුකරන පානදුර උතුර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කණ්ඩායමක්ද විමර්ශන සඳහා එක්ව ඇති බවයි.
එමෙන්ම, අංශ කිහිපයක් ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද ඔහු සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් 04 දෙනෙකුගෙන් පොලීසිය ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඊයේ (25) පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස ඝාතනය කර තිබුණා.
ටී – 56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති අතර වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ හිසට හානි වී තිබුණා.
ඝාතකයන් ගිනි අවියත් රැගෙන යතුරුපැදියෙන් පලායන ආකාරය ඒ අසල සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවකද සටහන් වී තිබෙනවා.
ඔවුන් පානදුර දෙසට ගමන් කර තිබෙනවා.
මියගිය 32 හැවිරිදි පුද්ගලයා ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයෙකු වන අතර, ඝාතනයට හේතුව තවමත් අනාවරණ වී නැහැ.
More Stories
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්
මහ මැතිවරණයේ ප්රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්