කොටියෙකු අම්පාර පානම ප්රදේශයට කඩාවදින නිසා ඊයේ ගම් වාසීන් භියට පත්ව තිබෙනවා.
එම ගමෙහි ජීවත් වූ පුද්ගලයෙකු ඉකුත් 30වනදා ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මෙම කොටියාගේ පහරදීමක් හේතුවෙන්.
ඊයේ දිනයේදීද එම ප්රදේශයේම තවත් පිරිසක් වෙත කඩා වැදුණු කොටියා එක් අයෙකුගේ ගෙල සපා කෑ බවටයි වාර්තා වන්නේ.
පොතුවිල් මූලික රෝහලේ එම පුද්ගලයා මේ වන විට ප්රතිකාර ලබනවා.
කෙසේ වෙතත් මෙම ගම්මානයට යුද හමුදා ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්