පාන් ගෙඩියක මිල අඩු කිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේ ප්‍රකාශයක් සිදු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ විධායක සභාව අද රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි ඔවුන් කියා සිටියේ.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10ත් 20ත් අතර මිලකින් පහත දැමෙනු ඇති.
ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පැවතීම මෙලෙස මිල අඩු කිරීමට හේතුව බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක