පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් යොදා ගැනෙන මාගරින් සඳහා පනවා ඇති බදු රුපියල් 400කින් ඉහළ නැංවීම හේතුවෙන් එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ආනයනික මාගරින් සඳහා මෙතෙක් පැවති රුපියල් 200ක බද්ද රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්