ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පාසල් පාපන්දු තරගාවලියක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමකින් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් අතර ක්‍රීඩකයන් තුන්දෙනෙකු සහ එක් ක්‍රීඩිකාවක් සිටින බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්රහාරයන්ගෙන් ආරක්ෂා වීමට වහා ක්‍රියාත්මක වන ලෙස නිවේදකයා වහා දැනුම් දීමත් සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා පිටිය මධ්‍යයයේ වැතිරීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.
එක් ක්‍රීඩකයෙකුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් ඔහු වහා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
රැස්ව සිටි පිරිස් කලබලයට පත්වී විසිර යාමට උත්සාහ ගැනීම හේතුවෙන් තවත් පිරිසක් තුවාල ලැබුවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ