අප්‍රිකානු රාජ්‍යයක් වන කැමරුන් හි පැවති පාපන්දු තරඟයක් නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් අතර හටගත් තෙරපීමකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යොන්ඩේ අගනුවර පෝල් බියා පාපන්දු ක්‍රීඩාංගනයේ පිවිසුම් දොරටුව ආසන්නයේදී මෙම තෙරපීම හටගෙන ඇති අතර බොහෝ පිරිසක් එකවර ක්‍රීඩාංගනයට ඇතුළු වීමට උත්සාහ කිරිම මෙම ඛේදවාචකයට හේතුව බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැමරුන් ජනාධිපති පෝල් බියා ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට නියෝග කරන බවයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි