පාපන්දු තහනම් ඉවත් කරයිද ?

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (10) දින ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් පිරිස සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක නිරත විය.

එහි දී ජාත්‍යන්තර තහනමත් සමග වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබදව මෙන්ම පාපන්දු ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම සඳහා වූ ඵලදායී කරුණු රැසක් සාකච්ඡා විය. ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත්කර ගැනීමට මෙම සාකච්ඡාව යම් සාධනීය ප්‍රවේශයක් විය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබදව අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. පනවා ඇති තහනම නිසා උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාපන්දු ක්‍රීඩකයින් මුහුණ දෙන දුෂ්කරතා ද, ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසළාන තෝරාගැනීමේ තරග සදහා සහභාගී වීමට අවස්ථාවක් නොලැබෙන බව ද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා. දෙපාර්ශවයේ එකගතාව මත තහනම ඉවත්කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකස් කර ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ලෝක කුසළාන පුහුණු තරග සඳහා ඉදිරිපත් වීමට අවස්තාව ලබා දෙන ලෙස මෙහි දී අමාත්‍යවරයා ජාත්‍යන්තර පාපන්දු නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සළකා බැලීමට ඔවුන් එකග විය.

පාපන්දු තහනම ඉවත්කර ශ්‍රී ලංකා පාපන්දු කණඩායම ජාත්‍යන්තර තරග සදහා සහභාගී කරවීමේ සුබදායී ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් සාකච්ඡා වු කරුණු ක්‍රියාත්මක කිරීම සදහා කඩිනම් යාන්ත්‍රණයක් සකස් කර එකගතාවයන් අනුව කටයුතු කිරීමට නියමිතය.

Participants in this discussion: Mr.Kenny Jean Marie (Chief Member Association Officer FIFA), Mr.Wahid Kardany (Member Association AFC), Ms. Sarah Solemale (Senior Manager – Member Associations Governance FIFA), Mr.K.Mahesan (Secretary – Ministry of Sports & Youth Affairs, Mr. Gamini Wikramapala (DG -Planning – Ministry of Sports & Youth Affairs, Mr. Sumathi Dharmawardhena (PC – Additional Solicitor General, Attorney General’s Departments), Mr.Rajika Aluwihare (Attorney General’s Departments)

WP Twitter Auto Publish Powered By : XYZScripts.com