පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් වාහාම නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයාට අද (5) පස්වරුවේ උපදෙස් දී තිබේ.
මේ වන විටත් ආනයනය කර ඇති පාම් තෙල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙස ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස්දී තිබේ.
මේ සමඟම කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී තිබේ.
කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා මීට මාස හයකට පෙර උපදෙස් දී තිබූ අතර කටු පොල් වගාව අදියරෙන් අදියර ගලවා රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට වැඩි දුරටත් උපදෙස් දී තිබේ.
- මුලාශ්‍ර ලංකාදීප පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති