පාර්ක් ඇන්ඩ් රයිඩ් – සිටි බස් සේවාව අද සිට ආරම්භ කෙරෙනවා.
කොළඹ නගරය ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන්නේ මාකුඹුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන්.
බස් රථ 25 ක් යොදා ගෙන එහි පළමු පියවර අද ආරම්භ කිරීමට නියමිතයි.
සිය පෞද්ගලික වාහනවල පැමිණෙන අයට වාහන අංගනයක් තුළ සිය රථය නවතා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගි බස්වල කොළඹ නගරය දක්වා පැමිණීමේ හැකියාව මේ යටතේ පවතිනවා.
එම බස් රථවල වයිෆයි ඇතුළු සියලු පහසුකම් සපයා තිබෙන බවයි වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්