පාර්ක් ඇන්ඩ් රයිඩ් සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ වී ගත වූ දින හතක කාලයේ මගීන් හත්දහස් අටසිය හතලිහක් (7840) එහි ගමන් කර ඇති අතර එයින් රුපියල් හාරලක්ෂ පනස් හත්දහස් නවසිය අනූවක ආදායමක් ලබා ඇති බවත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
පසුගිය 18 වැනිදා සිට 26 වැනිදා තෙක් වූ දින හතක කාලය තුළ මෙම ආදායම ලැබී ඇතැයිද වැඩිම මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇත්තේ ඉකුත් 26 වැනිදා බවත් එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ.
එදින මගීන් 1146 දෙනකු මෙම බස් සේවයේ ගමන් කර ඇතැයිද බස් සේවයේ 30%ක පමණ දියුණුවක් සිදුව අැතැයිද හෙතෙම පවසා තිබෙනවා.
කොළඹ මාර්ග තදබදය පාලනය කිරීමේ විකල්පයක් වශයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍රගත වන ආකාරයෙන් ආරම්භ කළ පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව පසුගිය 15 වැනිදා සිට ආරම්භ වුවද එම සේවය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ ඉකුත් 18 වැනිදා සිටය. පසුගිය 18 වැනිදා සිට 27 වැනිදා තෙක් කාලය තුළ මෙම පිිරිස් වාර්තා වී ඇති අතර මෙකී කාලය තුළ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වාහන එක්දහස් අටසිය පනස් අටක් (1858) ගාල් කර ඇතැයි එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් බාර කොළඹ ප්‍රවාහන ජාලා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නාලක දිසානායක අදහස් පලකොට තිබෙනවා .
ඒ අනුව වැඩිම වාහන සංඛ්‍යාවක් ගාල් කර ඇත්තේ 26 වැනිදා වන අතර එය වාහන 216කි. ඒ අතර මෝටර් රථ 91ක්, යතුරුපැදි 70ක් ත්‍රිරෝද රථ 26ක් සහ වෙනත් වාහන 29ක් වශයෙන් වාර්තා වී ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්