පාර්ලිමේන්තුවේ අද දින කටයුතු සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, රටේ මතුව ඇති සෞඛ්‍යමය තත්ත්වයන් මුල් කරගනිමින්.
ඒ අනුව අද පෙරවරු 10.00 ට ආරම්භ කරන පාර්ලිමේන්තු සභා කටයුතු වාචික ප්‍රශ්නවලට පමණක් සීමා කිරීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.
මේ අතර ඉදිරි පාර්ලිමේන්තු සතියේ රැස්වීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ඊයේ තීරණය කළා.
ඒ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදීයි.
ඒ අනුව ලබන 20 වන දා සිට 23වැනිදා දක්වා සුපුරුදු පරිදි එම සතිය තුළ පාර්ලිමේන්තු සභාවේ කටයුතු පවත්වාගෙන යනු ඇති.
මේ අතර විසි වැනි සංශෝධනයට අදාළව ශේෂ්ඨාධිකරණයේ තීන්දුව යම් හෙයකින් ලබන විසි වෙනිදා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළහොත් නැවත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳවා එම සංශෝධනය විවාදයට ගැනීමට සැලසුම්කර තිබෙනවා.
ඒ අනුව අදාළ තීන්දුව මත ඉදිරි පාර්ලිමේන්තු සතියේ ක්‍රියාත්මක කිරීමට නියමිත න්‍යාය පත්‍රය වෙනස් කිරීමට ද ඊයේ කාරක සභා සාමාජිකයින් සාකච්ඡාවට බදුන් කළ බවයි සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්