පාර්ලිමේන්තු සංකීර්ණය තුළින් හඳුනා ගත් කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 09 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පාර්ලිමේන්තු සේවකයන් 04 කට සහ ආරක්ෂක අංශයේ නිළධාරීන් 04 කට වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, පීසීආර් පරීක්ෂණ 943 ක් අතුරින් මෙම ආසාදිතයන් පිරිස වාර්තා වී තිබෙනවා. පසුගිය 13 වැනිදා සහ 15 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 කගෙන් හා පාර්ලිමේන්තු සේවකයන්, ආරක්ෂක නිළධාරීන් 911 කගෙන ජෛව පටල සාම්පල ලබාගෙන තිබිණි.
පීසීආර් පරීක්ෂණය සඳහා පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි තහවුරු වී තිබෙන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ