පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.
පෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
මේ අතර සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්ව සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව සඳහන්.
අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වීමට හේතුව සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කරනු ඇතැයි ආරන්චි මාර්ග සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්