පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද( 30)තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස් විය .
මේ අනුව පාර්ලිමේන්තුව රැස් වනුයේ ලබන 4 වෙනිදා අඟහරුවාදා සහ 5වෙනිදා බදාදා පමණකි .
එම දින දෙකේදී ප්‍රශ්න විමසීම්වලින් තොරව මැතිසබයේ කටයුතු සෞඛ්‍ය විධිවිධානවලට යටත්ව පත්වාගෙන යෑමටද එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත.
පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ දින හතරක් පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක