පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (02) රැස්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 02ට කථානායක මහින්ද යාපා අබේවර්ධණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිත බව සභානායක කාර්යාලය සඳහන් කළේය.
එහිදී සැප්තැම්බර් මස 07, 08, 09 සහ 10 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තීරණය කිරීමට නියමිතය.
සැප්තැම්බර් මස 06 වන සඳුදා දින විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදිනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඇසූ ප්‍රශ්නවලට ආණ්ඩුව විසින් පිළිතුරු ලබාදීමට නියමිතව තිබේ.
මේ අතර ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතී රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
පළාත් පාලන ඡන්ද ක්රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසදුම් ලබාදීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පාළාත් පාලන අමාත්‍යවරයා පත්කර තිබූ ත්‍රිපුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාව පිළිබඳව විශේෂ කාරක සභාවේදී අද අවධානය යොමු කෙරේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්