ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට, පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 19 දෙනෙකු අත්සන් තැබූ ලිපියක් යොමු කර තිබෙනවා.
රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සක‍්‍රීය දායකත්වය රටට ලබාදීම සඳහාත්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වීම අත්‍යවශ්‍ය යැයි තමන් විශ්වාස කරන බවයි අදාළ මන්ත‍්‍රීවරුන් පිරිස යොමු කළ ලිපියේ දැක්වෙන්නේ. එබැවින් කඩිනමින් පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වන ලෙස ඉල්ලා සිටින බව ද ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 19 දෙනා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග