මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ එය ආරම්භවීමට නියමිතයි.
මෙම පක්ෂ නායක රැස්වීම පසුගිය සිකුරාදා පැවැත්වීමට නියමිත වුවද එය අද දිනය දක්වා කල්ගියා.
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට ආරම්භවීමට නියමිතයි.
එහෙත් මැති ඇමතිවරුන් 03 දෙනෙකු සහ පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරුවීමත් සමග සැලසුම් කර ඇති පරිදිම පාර්ලිමේන්තු රැස්වීම පවත්වන්නේද සහ එහි සංශෝධනයක් සිදුකරන්නේද යන්න අද දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට