මෙවර 09 වන පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කර සිටී.
ලබන 25 සහ 26 යන දෙදින තුළ පැවැත්වෙන මෙම වැඩමුළුවේ දී පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කරන බවයි සඳහන් කරන්නේ.
මේ බව මහ ලේකම්වරයාගේ නිවේදනයේ ද සඳහන් වේ.
වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවීමට නියමිතයි.
එමෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද ඊට සහභාගී වීමට නියමිතයි.
25 සහ 26 යන දිනයන් දෙකෙහි උදැසන 9.00 සිට සවස 6.00 දක්වා පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 01 දී පැවැත්වීමට සුදානම් කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්