මරණ දඩුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කර තිඛෙනවා. බන්ධනාගාර ආරංචි පැවැසුවේ කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ බවයි.
මේ අතර දුමින්ද සිල්වා, තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ, යන අයද රදවා සිටින වාට්ටුවටම ප්‍රේමලාල් ජයසේකර මහතාද ඇතුලත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එමෙන්ම ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකු ලෙස දිවුරුදීමේ කිසිදු හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ අමාත්‍යංශය වෙත දැනුම් දී තිඛෙනවා. ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ විමසිමටක ප්‍රතිචාර දක්වමින්.
ඡන්ද දායකයෙකු හා මන්ති‍්‍රවරයෙකු වීමට ඇති නොගැලපීම් එකිනෙක ගෙනහැර දක්වමින් මෙම කාරණය පිළිබඳ නීතිපතිවරයා පුළුල්ව කරුණු පැහැදිලි කර තිඛෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්