කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව අද (08) සිට ලබන 11 වනදා දක්වා රැස්වීමට නියමිතව ඇත.
වසර මැද මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මේ අතර, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග හෙට (09) දින විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හෙට පස්වරුවේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා බදුකරණ කාර්යංශය සංස්ථාගත කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට ද තීරණය කර තිබේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව