පාසල් දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් රූපවාහිනී නාලිකා 20 ක් අලුතෙන් ආරම්භ කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. මේ පිළිබඳව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බවයි සම කැබිනට් ප්‍රකාශක, රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
පළමු ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා වෙන වෙනම නාලිකා 13 ආරම්භ කරන අතර ඊට අමතරව උසස් පෙළ විෂය ධාරා සඳහා වෙන වෙනම නාලිකා ස්ථාපිත කිරීමට නියමිතය. මේ වනවිටත් ඊට අදාල මූලික කටයුතු සම්පාදනය කරමින් තිබෙන බවත්, විෂය ඒකක පටිගත කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා පවසනවා.
මෙම වැඩපිළිවෙල සඳහා දැනට ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා භාවිතා කිරීමේ හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට