කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසු පාසල් ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
පසුගිය සතිය පුරා දිවයිනේ සියලු පාසල්වල විෂබීජහරණ කටයුතු, කාලසටහන් සකස් කිරීම ආදිය සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
අදියර කිහිපයක් යටතේ පාසල් වෙත සිසුන් කැඳවීම ලබන සඳුදා (06) දිනයෙන් ආරම්භ වන අතර පළමු අදියරේදී 5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීම සිදු වනවා.
පසුගිය සතිය තුළ දිවයිනේ සියලුම පාසල් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීම සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්