අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ පාසල් ආරම්භ කිරීම පවතින කොවිඩ් තත්ත්වය මත අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.
අගෝස්ගු මස අවසානයට පෙර සියලුම ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්යමණ්ඩලවලට දෙවන මාත්‍රාව ලබාදීමට රජය සැලසුම් කර තිබු බවත් ඉන් අනතුරුව පියවරෙන් පියවර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව යම් ක්‍රමවේදයක් යටතේ පාසල් විවෘත කිරීම ට බලාපොරොත්තු වු බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.
පවතින තත්ත්වය තුළ මාර්ගගත අධ්‍යාපනය ශක්තිමත් කිරීම මඟින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ඉතා අවශ්‍ය බව ද සඳහන් කර සිටින අමාත්‍යවරයා, එයින් ද ඉවත්වීමට ගුරුවරුන් කටයුතු කරනවා නම් ඉන් අසාධාරණයට ලක්වන්නේ සහ පීඩනයට ලක්වන්නේ පහසුකම් පවා හරිහැටි නොමැති දරුවන් බව ද පැවසීය.
එබැවින් එහි සමාජ සාධාරණත්වය පිළිබඳ නැවත වරක් සිතිය යුතු යැයි ද පවසා සිටි අමාත්‍යවරයා ගුරුවරුන්ගේ ගැටලුව විසඳීමට ඇති සුදුසු ම ක්‍රියාමාර්ගය ලෙස කැබිනට් මණ්ඩලයේ තීන්දුව වූයේ, මාස 03කින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය යෝජනා මඟින් රටේ පවතින ආර්ථික තත්ත්වය ද සලකා බලා සමස්ත රාජ්‍ය සේවය ම පිළිබඳ සාධාරණයක් කිරීම බවද සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්