හෙටින් ඇරඹෙන පාසල් සතිය තුළ දින තුනක් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ ප‍්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව මෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය මත සතියේ දින පහම පාසල් පැවැත්විය හැකි බවයි.
මෙහිදී පාසල් තුල පවතින තත්ත්වයන් සලකා බලා සෑම ගුරුවරයෙකුටම අවම වශයෙන් දින 3 ක් පාසලට පැමිණ ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට හැකිවන ලෙස නම්‍යශීලි කාල සටහනක් සකස් කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, පසුගිය සතිය තුල පැවැත්වූ ආකාරයටම සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්විය යුතුයි.
පාසල් සේවය සඳහා වෙන් වූ පෞද්ගලික බස් රථ මෙන්ම පළාත් ප‍්‍රවාහන අධිකාරිය මගින් වෙන්කර ඇති බස් රථ, පාසල් සිසුන් ප‍්‍රවාහනය සඳහා යෙදෙවෙන අතර සාමාන්‍ය බස් ගාස්තුව යටතේ ගුරුවරුන්ට හා සිසුන්ට එමගින් ප‍්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර, 2023 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ අයදුම්පත් කැඳවීමේ කාලය අගෝස්තු මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්